වෝල් ස්ට්‍රීට් සඟරාවට අනුව, ගූගල් හි සේවකයන් පවසන පරිදි ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් සඳහා කෘත්‍රීම බුද්ධියක් සහිත පෞද්ගලික සහයකයෙක් නිර්මාණය කිරීම වේගවත් කර ඇත. ඇපල් සමාගමේ “සිරි“ වැඩසටහනට හොඳ තරඟයක් දෙනු ඇතැයි බොහෝදෙනා විශ්වාස කරනවා. එමෙන්ම ගූගල් සමාගමේ මෙම වැඩසටහන “සිරි“ වැඩසටහන අභිබවා යන, ඉතාම බලවත්, එයට වඩා මිනිසුන්ට ලංවන එකක් වනු ඇතැයි ගූගල් සමාගම නිළ නොවන ලෙස පවසා තිබෙනවා.


WWDC 2012 හිදී iOS 6 සඳහා නිපදවූ අලුත්ම සිරි වැඩසටහන මඟින් පැරණි සිරි වැඩසටහන බොහෝ සෙයින් දියුණුවට පත්කොට තිබෙනවා. ඒ අතර සැම්සන්ග් සමාගම විසින් Samsung Galaxy S III සඳහා නිපදවූ S Voice, “සිරි“ ජනතාව අතර ප්‍රචලිත වූවාට වඩා වේගයෙන් ප්‍රචලිත වේයැයි ඔවුන් අපේක්ෂා කරනවා.
Siri is deep
“සිරි“ වැඩසටහන


 ගූගල් ප්ලේ ස්ටෝ හි සිරි වැඩසටහනට සමාන තවත් වැඩසටන් ගොඩක් තිබුනත්, සිරි හා iOS අතර සම්බන්ධය මෙන් එම වැඩසටහන් මෙහෙයුම් පද්ධතිය සමඟ විශාල සම්බන්ධයක් දක්වන්නේ නැහැ.

source: WallStreetJournal

0 comments:

Post a Comment

 
Top