ඔබ සමහරවිට දන්නවාත් ඇති කාලයක් තිබුනා ඇපල් අයිෆෝන් පුපුරලා ගියපු. ලොකු මාධ්‍ය ප්‍රචාරයක් ඒකට ලැබුනා. අදත් සිදුවන සිදුවීමට ඊට සමානයි. අලුතින්ම නිකුත්වූ සැම්සන් ගැලැක්සි එස් 3 ෆෝන් එක ගැනයි ඒ!!! මෙය අයිෆෝන් සිදුවීමටත් වඩා මාධ්‍ය ප්‍රචාරයක් ලැබුනේ මෙම දුරකථනය නිකුත්වී අලුතම එය සිදුවු නිසයි.

මෙම අත්දැකීමට මුහුණදුන්නේ අයර්ලන්තයේ පුද්ගලයෙක්. ඔහුගේ මෙම රූපයේ පෙන්වාඇති දුරකථනය මිළදීගෙන ඔහුගේ වාහනයට සම්බන්ධ කලායින් පසුව දුරකථනය යටින් ගින්දර පිටවීමට පටන්ගෙන තමයි මෙම සුලු පිපිරීම සිදුවී ඇත්තේ.
වාසනාවකට එම පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැහැ.

එම දුරකථනය වෙනුවෙන් කෙලින්ම අලුත් තවත් ගැලැක්සි 3 දුරකථනයක් සැම්සන් සමාගම විසින් ලබාදී තිබේ. එමෙන්ම එම විනාශ වූ දුරකථනය වැඩිදුර විමර්ශන සඳහා සැම්සන්ග් ප්‍රධාන මූලස්ථානය වෙත යවා තිබේ. නමුත් මේ පුවත අන්තර්ජාලය පුරා විදුලි වේගයෙන් පැතිර යමින් තිබේ.

මේ පිළිබඳව සැම්සන් සමාගම නිළ ප්‍රකාශයක් නිකුත්කරමින් ප්‍රකාශ කර සිටින්නේ....

"අප දැක්කා අන්තර්ජාලය පුරාවට Samsung Galaxy S III දුරකථනයක් පුපුරා ඇති බවට පුවත් පලවෙනවා. අප ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා එම විනාශ වූ දුරකථනය ලැබෙන තෙක් සිටිනවා. ලැබුනු සැනින් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකරනවා.පරීක්ෂණය අවසන්වූ සැනින් ඔබ සියලුදෙනාගේ දැනගැනීමට එහි සම්පූර්ණ විස්තරයම ලබාදීමට කටයුතු කරනවා."


Source

1 comments:

  1. "The damaged device and additionally provided devices were examined and exposed to a series to tests. The investigation summary states that “The energy source responsible for generating the heat has been determined as external to the device” and “the device was not responsible for the cause of the fire.” "

    http://global.samsungtomorrow.com/?p=16161

    ReplyDelete

 
Top