ඔයාටත් පුලුවන් දැන් ඕන තරම් ශ්‍රී ලංකාවටත්, විදේශීය රටවල් විශාල ප්‍රමාණයකටත් නොමිලේම ඇති තරම් කෙටි පණිවුඩ(SMS) යවන්න. නොමිලේ කියන්නෙ ඉතින්.... නොමිලේම තමයි!! හි. කිසිම අමතර සොෆ්ට්වෙයා එකක්වත් අවශ්‍ය වෙන්නෙ නෑ..

ගොඩක් අය දන්නව ඇති මේ ක්‍රමය. ගූගල් මඟින් තමයි මේක කරන්නෙ. මේකට ගූගල් එකවුන්ට් එකක් තියෙන්න ඕන.(Gmail ලිපිනයක්). දැන් ඔයාලට වම් පැත්තෙ ස්ලයිඩ් බාර් එකෙ Chat and SMS කියල කොටසක් ඇති. ඒකෙ යවන්න ඕන කෙනාගෙ ෆෝන් නම්බර් එක +94 මුලින් යොදල ටයිප් කරල Enter කරන්න. ඊට පස්සෙ එයාගෙ නම ටයිප් කරල සේව් කරගන්න. දැන් දකුණු පැත්තෙ පහලින් චැට් වින්ඩෝ එකක් ඕපන් වේවි. ඒකෙ යවන මැසේජ් එක ටයිප් කරල එන්ටර් කරන්න.

හැම ඊ-මේල් එකවුන්ට් එකකටම වෙනම අංක 8ක දුරකථන අංකයක් ලබාදීලා තියෙනවා. උදා - 88000100

සැ.යු. - දැනට මෙම සේවාව ලංකාවේ භාවිත කල හැක්කේ ඩයලොග් හා මොබිටෙල් සඳහා පමණි.

ගාස්තු - ජීමේල් සිට යවන එස්.එම්.එස්. සම්පූර්ණයෙන් නොමිලේ. ජංගම දුරකථනයේ සිට ජීමේල් වෙත එක් මැසේජ් එකක් ශත25+රජයේ බදු.

උපරිම නොමිලේ ලැබෙන මැසේජ් ගණන 50කි. යහලුවා ජීමේල් වෙත පණිවුඩයක් එවුවොත් නැවත ඔබට නොමිලේ මැසේජ් 5ක් ලැබේ!!

වැඩි විස්තර මොබිටෙල් - www.mobitel.lk/networking-ml
වැඩි විස්තර ඩයලොග් - www.dialog.lk/personal/mobile/features-and-vas/messaging/google-sms/
වැඩි විස්තර එටිසලාට්- www.etisalat.lk/VASFunSMS.cfm?page=FunSMSServices


උදව් ඕනනම් මෙන්න මෙතනින් සේරම විස්තර - support.google.com/chat/bin/answer.py?hl=en&answer=106015

0 comments:

Post a Comment

 
Top