ඔයාල ගොඩක් අය තමන්ගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්(Android Phone) එක හෝ ටැබ් එක හෝ රූට්(Root) කරගන්න හැටි හොයාගන්න Youtube, XDA developers හෝ වෙනත් බොහෝ වෙබ් හෝ බ්ලොග් අඩවි හොයනවා. සමහර විට හොයාගන්න පුලුවන් වේවි. නමුත් බොහෝ තොරතුරු යල්පැනපු ඒවා නිසා තමන්ගේ උපාංගයට හානි වෙන්න තියෙන ඉඩකඩ බොහෝයි. මම කියන්න යන්නේ ඒ වගේ එක එක තැන්වල ඇවිදින්න ඕන නැති බොහෝමයක් දුරකථන හා ටැබ් රූට් කරන ආකාරය නිවැරදිවම පැහැදිලි කරන වෙබ් අඩවියක් ගැන.


නොමිලේ සපයන සේවාවක් වන මෙය Ready2Root නමින් හැඳින්වෙනවා.
මෙම වෙබ් අඩවියේ නොමැති දුරකථනයක් රූට් කරන ආකාරය ඇතුලත් කිරීමට ඉල්ලීමක් කිරීමට පුලුවන් වීම විශේෂත්වයකි.
එමෙන්ම ඕනම අයෙකුට තොරතුරු යාවත්කාලීන කිරීමේ හැකියාවක් ඇති නිසා 100%ක් නිවැරදි තොරුතරු ලබාගත හැකියැයි අපට පැවසිය හැකියි.

මෙම වෙබ් අඩවිය ස්පාඤ්ඤ සිසුවෙකු තමන්ගේ නිදහස් කාලයෙන් සෑදුවක්. 



වෙබ් අඩවියට යෑමට - www.ready2root.com

2 comments:

 
Top