පෙර ලිපියකින් අප ඔබට SONY Xperia Yuga දුරකථනයක් ගැන ඉඟියක් දුන්නා. එය දැන් ස්ථීරවී තිබෙන බවයි ආරචිමාර්ග පවසන්නේ. ලබන මස නිකුත්කිරීමට Samsung සමාගම සැලසුම්කල ඔවුන්ගේ S4 දුරකථනයට යන එන මං නොමැතිවී යන බවයි විචාරකයන් පවසන්නේ. ලබන මස 15 වනදා ලාස් වෙගාස් වල පවත්වන්නට යෙදෙන CES 2013 ප්‍රදර්ශනයේදි මෙය නිකුත්කිරීමට බොහෝවිට ඉඩ ඇතැයි වෙබ් අඩවි පවසන්නේ.

1.5GHz Qualcomm Snapdragon S4 Pro APQ8064 ප්‍රොසෙසරයකින් සමන්විත Xperia Z දුරකථනය Adreno 320 GPU එකකින් සහ 2GB of RAM මතකයකින් සමන්විතයි. තිරය අඟල් 5ක් වන අතර අඟලකට පික්සල් 441කින් සමන්විතයි!
මෙගාපික්සල් 13ක කැමරාවක් සහ Micro SD කාඩ් ඇතුල්කල හැකි වීම විශේෂත්වයකි. Sony Xperia Z දුරකථනය LTE හෙවත් 4G සබඳතාවන්ට සහයෝගයක දක්වයි. එසේම Android 4.1.2 මෙහෙයුම් පද්ධතිය දුරකථනයට ස්ථාපනය කරම පැමිනේ.

මෙය නිකුත්කල විට මීළඟට පැමිණීමට නියමින Apple iPhone සහ Samsung Galaxy S4 දුරකථන බොහෝ ලේසියෙන්ම පරාද වන බව නිසැකය.

2 comments:

  1. මම නම් හිතන්නේ නෑ යාළුවා Apple Samsung අදිපත්‍ය SONY ට කඩන්න පුළුවන් කියලා. සමහර දේවල් වල ජනප්‍රියතාව තීරණය වෙන්නේ performance මත නෙමයි.

    ReplyDelete
    Replies
    1. SONY සමාගමේ රූපවාහිනී, කැමරා, ටීවී රෙකෝඩර්.... ආදිය නිපැයීමට පටන් ගත්තේ බොහෝ කලක සිටයි.
      නමුත් SONY නමින් දුරකථන නිෂ්පාදනය ආරම්භ කලේ 2012 සිටයි. ඒත් සැම්සුන් සමාගම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිෂ්පාදනය 2009 ජුනි සිට කරගෙන ආවා.

      සැම්සුන් යනු කොරියානු සමාගමකි. සෝනි ජපන් සමාගමකි.
      මේ දෙක අතර ලොකු වෙනසක් තිබේ. ටීවී එකක් ගත්තත් සෝනි ටීවී එකක ගුණාත්මක බව සැම්සුන් ටීවී වල නෑ. විශේෂයෙන් Bravia Engine මඟින් රූපවල ඇතිකරන වෙනස....

      Delete

 
Top