සැම්සුන් ගැලැක්ස් ග්‍රෑන්ඩ් දුරකථනයේ අධික ඉල්ලුම නිසා සැම්සුන් සමාගම පසුගිය දා ග්‍රෑන්ඩ් 2 දුරකථනයක්ද එළිදක්වනු ලැබුවා.

ගැලැක්ස් ග්‍රෑන්ඩ් දුරකථනයේ ගැලැක්සි Note 2 දුරකථනයේ තිබූ අංගයන්ම තිබුනාක් මෙන්,
ග්‍රෑන්ඩ් 2 දුරකථනයේ තිබෙන්නේ Note 3 දුරකථනයට සමාන අංගයන්ය.

අඟල් 5.25 විශාල තිරයකින් යුක්ත ග්‍රෑන්ඩ් 2 දුරකථනයේ තිරයේ Resolution 1280×720(WVGA) වේ.

Quad Core 1.23 ගිගාහර්ට්ස් ප්‍රොසෙසරයකින් සහ ගිගාබයිට් 1.5 GB RAM මතකයක් ඇති මෙහි දුරකථන මතකය ගිගාබයිට් 8කි. එමෙන්ම එම ප්‍රමාණය ඔබට මයික්‍රො එස්ඩී කාඩ් එකක් මගින් වැඩිකලගත හැකිය. ග්‍රෑන්ඩ් 1 දුරථනයේ මෙන් නොව, මෙහිදී බැටරිය මිලි ඇම්පියර් 2600 එකක් ඇතුලත් වීම සුවිශේෂියි.

දුරකථනයට සිම් පත් දෙකක් ඇතුලත් කල හැකි අතර, කැමරාව මෙගා පික්සල් 8ක් වේ.

දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් ජෙලි බීන් 4.3න් බල ගැන්වේ.

0 comments:

Post a Comment

 
Top