2012 පටන් SONY සමාගම ඔවුන්ගේ දුරකථන සෘජුවම සෝනි යන නමින් හැඳින්වීමට පටන්ගත්තා. ඒ Ericsson සමාගම මිළයට ගනිමින්. සෝනි එක්ස්පීරියා ජංගම දුරකථන ඉතාම ශීඝ්‍රෙයෙන් ලොවපුරා ප්‍රචලිත වුනේ එහි තිබුනු ඒකීය බව, මිළ අඩු බව නිසා.

බොහෝ පරිශීලකයන් තමන්ගේ සෝනි දුරකථනය වෙතට ඇන්ඩ්‍රොයිඩ් 4.1 ජෙලිබීන් සංස්කරණය බලාපොරොත්තු වූයේ මේ වසර අගබාගයේදි හෝ ලබන වසරේ ජනවාරි වන විට. නමුත් සෝනි සමාගම ඊයේ විශේෂ නිවේදනයකින් බොහෝ දෙනාගේ බලාපොරෙත්තු සුන් කලා.

  •  Xperia T, Xperia TX and Xperia V දුරකථන වලට කියූ පරිදිම පෙබරවාරි වන විට එම සංස්කරණය ලබාදෙනවා.
  • ඊළඟ කොටසේදි Xperia P, Xperia J සහ Xperia go දුරකථන වලට මාර්තු අවසානයේදි ලබාදෙනවා.  Xperia S, Xperia SL, Xperia ion සහ Xperia acro S දුරකථන ඊට සති කීපයකට පසු ලබාදෙනවා.
  • Xperia U, Xperia miro, Xperia tipo, සහ Xperia sola දුරකථන වලට Jelly Bean සංස්කරණය ලබා දෙන්නේ නෑ.

ඔන්න ඕකයි කියන්නෙ. සෝනි සමාගම කියන පරිදි එසේ පරක්කු කරන්නේ පාරිභෝගිකයාට හොඳම තත්වයේ මෙහෙයුම් පද්ධතියක් සකස් කිරීමට කාලය අවශ්‍ය නිසා. 

5 comments:

  1. xperia Neo වලට එහෙම කොහොමද දන්නෑ නේ...

    ReplyDelete
    Replies
    1. Sony Ericsson Xperia Neo වලත් ICS එහා යාවත්කාලීන කරන ලද මෙහෙයුම් පද්ධතියක් නම් ලැබෙන්නේ නෑ. දැනට සෝනි සමාගම නිවේදනය කරන්නේ “සෝනි“ වෙළඳ නාමයට පමණයි.
      කෙසේ වෙතත් 2011 එකදු දුරකථනයකටවත් අවාසනාවකට මෙන් ජෙලි බීන් ලැබෙන්නේ නෑ.

      Delete
    2. CM 10 දාන්න පුලුවන් Neo(MT15i) එකට

      Delete
    3. ඔවු. Custom Rom දාන්න පුලුවන්. ඒත් එරන්ද අර අපි බලාපොරොත්තු වන “සෝනි“ අත්දැකීම ලබාගන්න අමාරුයි. ඕනම දුරකථනයකට එහෙමයි.

      Delete

 
Top