සෝනි සමාගම මෙතෙක් නිකුත්කල දුරකථන සැම්සුන් වැනි සමාගම්වල දුරකථනයන්ට “ලොකු“ අභියෝගයක් වුනේ නෑ. නමුත් සැම්සුන් සමාගමේ දුරකථන වල මිළට ලබාගත නොහැකි විශේෂාංග හා අත්දැකීම් සෝනි දුරකථන වලින් පාරිභෝගිකයාට ලැබුනා. එම නිසා 2012 ජනවාරි සිට පැමිණි සෝනි දුරකථන මේ වසර අවසාන වන විට දුරකථන මිළියන 40ක් පමණ විකුණා අවසන්. එය පසුගිය වසරේ SonyEricsson වෙළඳ නාම විකිණීමට වඩා 50%ක වැඩිවීමක්.

පසුගිය දා රුසියානු වෙබ් අඩවියකින් සෝනි සමාගමේ එන්නට තිබෙන දුරකථනයක ඡායාරූප කීපයක් හා විස්තර පිටවී තිබුනා. එය හඳුන්වා තිබුනේ SONY Xperia Yuga යන කේත නාමයෙන්.

ලැබී තිබූ තොරතුරු වලට අනුව මෙම දුරකථනයයේ විස්තර මෙසේය...


  • අඟල් 5ක 1080p එච්.ඩී. තරයක්.එමෙන්ම එහි අඟලකට පික්සල් 440ක්!
  • එල්.ජී. නෙක්සස් 4 මෙන් පිටුපස වීදුරු මෙන් කවරය.
  • 4G තාක්ෂණය සන්නද්ධ Bluetooth 4.0 සංස්කරණයක්
  • ඇන්ඩ්‍රොයිඩ් 4.1.2 මෙහෙයුම් පද්ධතිය
  • Qualcomm APQ8064 ස්නැප්ඩ්‍රැගන් S4 Pro චිප් පද්ධතිය
  • 1.7GHz Krait ප්‍රොසෙසර් 4ක් සහිතයි (Galaxy SIII දුරකථයට වඩා දෙගුණයටත් වඩා වැඩි වේගයක්)
  • ගිගාබයිට් 2ක රැම් මතකයක්
  • Adreno 320 GPU එකක්
  • මෙගාපික්සල් 12ක කැමරාවක් (නමුත් මෙ.පි.13ක් වන Xperia Tට වඩා හොඳ ඡායාරූප‍)
  • ආරංචියේ හැටියට ගිගාබයිට් 128ක් දක්වා මෙමරි කාඩ්පත් ඇතුලත් කල හැකිවීම
  • Bravia Engine 2 තිබීම


තවද විශේෂ කරුණක් වන්නේ Google Nexus 4 හි Geekbench ලකුණූ වන 1,975 පරාදකර මෙම දුරකථය ලකුණු 2,034ක් ලබාගැනීමයි. පෙර කී පරිදි මෙය ඉහළපෙලේ සමාගම් වලට ලොකු අභියෝගයක් වනු නොඅනුමානයි.
එම තොරතුරු නිදහස් කල වෙබ් අඩවියට අනුව මෙම දුරකථනය 2013 වර්ෂය තුළදී නිකුත්වීමට සූදානම්. නමුත් කිසිදු තොරතුරක නිළ නිවේදනයක් සෝනි සමාගම මෙතෙක් නිකුත් කල නැහැ. බොහෝවිට මෙම දුරකථනය මීට වඩා බොහෝ වෙනස් ආකාරයෙන් නිකුත්වීමට ඉඩ කඩ ඇත.

0 comments:

Post a Comment

 
Top