Self-combusting iPhone caught on camera
ඔයාලට මතක ඇතිනේ Samsung Galaxy S 3 ෆෝන් එකක් පුපුරපු කතාවක් ඔයාලට මම කිව්වා.?
ඔන්න ඒ වගේම කතාවක් තමයි මේකත්. ඇපල් අයිෆෝන් එකක් උණු වුණ කතාවක් මේක.

හෙන්රි හෙල්මිනන්, අවුරුදු 17ක තරුණයෙක් සඳුදා තමාගේ රැකියාවට යන අතරතුරු, එකවරම තමන්ගේ සාක්කුවේ ඇති තම දුරකථනයෙන් විශාල ලෙස දුම් පිටවෙන්න පටන් ගත්තා. එම අයිෆෝනය රැගෙන මාස තුනක් පමණ වූ අතර, මෙම අනතුරට පෙර හොඳින් ක්‍රියාකරූ බව ඔහු පවසනවා.

ඔහු දුම් පිටවනවාත් සමඟම එම දුරකථනය ක්ෂණිකවම සාක්කුවෙන් පිටතට විසි කිරීම නිසා තුවාල නොවී බේරීමට හැකිවුනා. පහත වීඩියෝව රෙකෝඩ් වී තිබෙන්නේ එම අසල තිබූ ආරක්ෂක කැමරාවකයි.

මෙය දුරකථනයේ ලිතියම්-අයන් බැටරිය හා සම්බන්ධ වූ ෂෝට් වීමක් මඟින් සිදුවූ අනතුරක් යැයි සමහරුන් පැවසුවත් තවම පරික්ෂණයක් නිසි අයුරින් සිදුවී නැහැ.

මූලාශ්‍රය: PhoneArena


3 comments:

 
Top