ලෝකයක්ම දෑස් අයා සිටි ඒ දුරකථනය, නෙක්සස් 5 පසුගිය මස නිකුත්වුනි. ඒ, ඇන්ඩ්‍රොයිඩ් 4.4 කිට්කැට් මෙහෙයුම් පද්ධතියට සමගාමීවය. නෙක්සස් 4 මෙන්ම මෙයද LG ආයතනයෙන් නිපදවූවකි.

4.95" LCD තිරයකින් සමන්විත මෙය 1080p HD තිරයකි. එනම් මෙහි අඟලකට පික්සල් 445ක් පෙන්වන ඉතා තීව්‍ර තිරයකි. එමෙන්ම පාරිභෝගිකයා තවත් සතුටුවන ආරංචියක් වන්නේ මෙහි ගෝරිල්ලා ග්ලාස් 3 තිබීමයි.

නෙක්සස් 5හි, 2.3GHz Qualcomm Snapdragon 800 චිප්සෙට් එකක් සහිත Krait 400 ප්‍රොසෙසර් 4කින් බලගැන්වෙන අතර Adreno 330 GPU එකකින්ද සමන්විතයි. රැම් මතකය 2GB වේ.

අන්තර් මතකය 16GB or 32GB ලෙස දුරකථන මාදිලි දෙකක් ඇති අතර, සුපුරුදු පරිදි microSD කාඩ් ඇතුලත් කල නොහැක. අඟල් 5ක තිරයක් සහිත දුරකථනයකට ටිකක් නොගැලපෙන, එහෙත් සාමාන්‍යයෙන් හොඳ ධාරිතාවක් සහිත 2,300mAh බැටරියකින් මෙය ධාවනය වේ. නමුත් මෙහි වයර් රහිත චාජින් සහිත නිසා එය පාරිභෝගිකයාව නොමඟ යවනවාදෝයි සිතේ.

පසුපස කැමරාව මෙගාපික්සල් 8ක් ඇති අතර, OIS සහ LED flash වලින් සමන්විතයි. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 1.3කි.

LG Nexus 5 දුරකථනය මිලි මීටර් 8.59 ඝනකමක් ඇති අතර, බර ග්‍රෑම් 130කි.
තවද මෙහි 3G, 4G LTE, Wi-Fi a/b/g/n/ac, බ්ලූටූත් 4.0 LE, A-GPS, NFC සහිතයි.

දැනට නෙක්සස් 5 දුරකථනය නිළ වශයෙන් ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව මෙන්ම ළගදීම ඉන්දියාවටත් පැමිණීමට නියමිතයි.

ගිගාබයිට් 16 දුරකථනය ඩොලර් 349ක් මිළටද, ගිගාබයිට් 32 දුරකථනය ඩොලර් 400කටද මිළ නියම කර ඇත. නොවැම්බර් 1වනදා සිට පාරිභෝගිකයන්ට දුරකථන මිලදීගැනීමට ගූගල් සමාගම අවස්ථාව දුන් අතර දිනක් ඇතුලත ගිගාබයිට් 16 දුරකථන සියල්ලක්ම විකිණී අවසන් වීම නිසා මෙම දුරකථනය පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් සිටි පාරිභෝගිකය් ගණන ඔබටම සිතාගැනීමට පුලුවන් වේවි.

0 comments:

Post a Comment

 
Top