ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලොවට හඳුන්වාදීමත් සමඟම, එය ඉතාම වේගයෙන් ප්‍රචලිත වීමට පටන්ගත්තා. පසුගිය පෙබරවාරි මාසය වන විට ගූගල් සමාගම දිනකට සක්‍රිය කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ප්‍රමාණය අටලක්ෂ පනස්දහසක් වන බව දැනගන්නට ලැබුනා. ලැබෙන අලුත්ම වාර්තාවට අනුව මේ වන විට ගූගල් සමාගම දිනකට ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නවලක්ෂය ඉක්මවන ප්‍රමාණයක් දුරකථන සක්‍රිය කරනවා. සාමාන්‍ය ගණනයක් කලොත්, මසකට ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මිලියන 27ක් සක්‍රිය වනවා.

Gartner reports ආයතනය නිකුත්කල වාර්තාවක සඳහන් වන්නෙ මෙම වසරේ පළමු කාර්තුව තුළ පමණක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පමණක්(ටැබ්ලට් ඇතුලත් නොමැත) මිලියන අසූ එකක් විකිණී ඇති බවයි. එමෙන්ම එම කාල වකවානුව තුල ඇපල් අයිෆෝන් දුරකථන විකිණී ඇති ප්‍රමාණය වන්නේ මිලියන 33.1කි.


-අන්තර්ජාලයෙන්

0 comments:

Post a Comment

 
Top