ඔයාට නිකන් ඉන්න වෙලාවක, ඇඳුම් ඇ‍ඳගෙන ඉන්න කවුරුහරි කෙනෙක්, ඇඳුම් නැතුව බලන්න පුලුවන් තාක්ෂණයක් ගැන හිතිල නැත්නම් ඒක විශ්වාස කරන්න අමාරුයි :D.
බොරු කියන්නෙ මොකටද මටනම් එහෙම හිතිල තියෙනවා, එහෙම තාක්ෂණයක් කවද ඒවිද කියලත් හිතල තියෙනවා. වැල් වටාරම් ඕන නෑ. මම කියන්න යන්නේ එහෙම Android ජංගම දුරකථන වලට හා I-Phone, I-Pad වලට ලබාදෙන ඇප්ලිකේෂන් එකක් ගැන. පහත වීඩියෝ එක බැලුවම තේරේවි කොහොමද වැඩේ කියලා.



මූස්ජෝ නම් ඇඳුම් විකුණන ආයතනය අයි-පෑඩ්, අයි-ෆෝන් හා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෙම මෘදුකාංගය නිපදවා තිබෙනවා. ඔවුන්ගේ ශීත සෘතු ඇඳුම් කැටලොගයේ සිටින පිරිමි හා කාන්තා නිරූපිකාවන් උඩට මෙම මෘදුකාංගය සහිත උපකරණය ගෙන ගිය විට එමඟින් ඔවුන්ගේ ඇඳුම් ඉවත්වී, යට ඇඳුම් පමණක් ඇඳගෙන සිටින රූපය පෙර වීඩියෝවේ මෙන් තිරයේ පෙනේ.

මෙය ඔබට Apple App Store හෝ Android Market එකෙන් ලබාගන්න පුලුවන්
"මේ තාක්ෂණය දියුණු වී සජීවී ඕනම කෙනෙකු ඇඳුම් නොමැතිව බලාගන්නට පුලුවන් නම්" යැයි දැන් සමහරු සිතනවාත් ඇති... හි.

ඉස්සරහටත් මේ විදියට අලුත් ආකාරයකින් ලිපි ලියන්න හිතුවා. අනිත් බ්ලොග් වලින් ගොඩක් වෙනස්ව..... එහෙනම් මේ වගේ ඔයාලාට අලුත් පන්නයේ ලිපියකින් හමුවෙමු!

0 comments:

Post a Comment

 
Top