මෙන්න ගෙනාවා අපි කාට කාටත් අවශ්‍යම මෘදුකාංගයක්.
ඔයාලගේ ෆෝන් එක පොඩ්ඩකට හරි නැති වුනොත් ඔයාලට කොච්චර දුක හිතෙනවද?
හදිසියේවත් ෆෝන් එක හොරකම් කරොත්? එතකොට ෆෝන් එකේ තියෙන ඔයාලගෙ පෞද්ගලික දත්ත වෙන කෙනෙක්ගෙ ළඟට යනවා. එහෙම වෙලාවට හොරාව අතටම අල්ලගන්න පුලුවන් නම් ඊට වඩා සතුටක් කොහෙන්ද?



නෙට් එකේ ඇවිද ඇවිද ඉන්න කොට මේ නියම සොෆ්ට්වෙයාර් එක ලැබුනා. Nokia සමාගම හා F-Secure සමාගම එක්ව නිපදවූ F-Secure Anti-Theft Mobile මෘදුකාංගය තමයි ඒක.




මේකෙ විශේෂත්වය, මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නෙ.
නොමිලේ දෙන සොෆ්ට්වෙයා නම් වැඩක් නැතුව ඇති කියලා හිතනව ඇති ඔයාලා.
මේක එහෙම නෑ. ගොඩාක් ගුණාංග තියෙනවා.
ඒවා එකින් එක බලමු.



#LOCK# - REMOTE LOCK YOUR PHONE

ඔයාලගෙ ෆෝන් එක නැතිවුන වෙලාවට ෆෝන් එක ලොක් කරන්න ඕන වුනොත් කරන්න තියෙන්නෙ සුලු දෙයක්.
කාගෙන් හරි ෆෝන් එකක් ඉල්ලගෙන 
#lock# < ඔයාලගෙ කෝඩ් එක > එක SMS එකකින් ඔයාලගෙ ෆෝන් එකට යැවීමයි. එතකොට අරගෙන ගිය කෙනාට ඒකෙ පාස්වර්ඩ් එක නොදැන මුකුත් කරන්න බෑ.

    #LOCATE# - LOCATE YOUR MISSING PHONE

    ෆෝන් එක උස්සපු කෙනා ෆෝන් එක තියාගෙන ඉන්න තැන මෙමඟින් Google Maps ආධාරයෙන් පෙන්වනවා. 
    ඒ නිසා අවශ්‍ය වුනොත් හොරාගෙ මූණ සමතලා කරල ගෙදර එන්න පුලුවන්.
    ඒකට කරන්න තියෙන්නෙ 
      #locate# < ඔයාලගෙ කෝඩ් එක > ගහල ඔයාලගෙ ෆෝන් එකට මැසේජ් එකක් යවන එක විතරයි

      #WIPE# - REMOTE WIPE YOUR PHONE

      ඉස්සෙල්ලා කියපු ක්‍රම එකකින් වත් වැඩක් නොවුනොත් තමයි ඉතින් මේක කරන්න වෙන්නෙ.. මේකෙදි ෆෝන් එකේ තිබුනු සේරම දත්ත ටික මකන එක... අපරාදෙ නම් තමයි. ඉතින් මේකෙන් කොහොමහරි ඔයාලගෙ දේවල් අනුන් අතට යන එකවත් වලකිනවනේ... මේකට #wipe# < ඔයාලගෙ කෝඩ් එක > ගහල මැසේජ් එකක් යැවුවම හරි...

      THEFT CONTROL

      ඔයාලගෙ දාලා තිබුන සිම් එක වෙනස් කරල නම් මේක පාවිච්චි කරන්න. මේකෙදි වෙන්නෙ සිම් එක මාරු කලොත් ඒ ෆෝන් නම්බර් එක ඔයාට දැනුම් දෙනවා. එවෙලෙම ෆෝන් එක ලොක් කරනවා!
      මේක කරන්න නම් කලින්ම ඇක්ටිව් කරල තියෙන්න ඕන....
      මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් යන්න...වැඩි විස්තර මෙතනින් බලාගන්න... මේක ගැන හදපු ලස්සන වීඩියෝ එකක් මෙන්න.

      ඊළඟ ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට ලබාදෙන අතිවිශේෂ මෘදුකාංගය ලබාදෙනවා!

      - F-SECURE(R) and Nokia Logos, names, trademarks and other images are the properties of their respective owners. -

0 comments:

Post a Comment

 
Top