ඇමරිකානු රජය විසින් අන්තර්ජාලයේ විශාලතම ගොනු හුවමාරු වෙබ් අඩවියක් වන මෙගාඅප්ලෝඩ් වෙබ් අඩවිය වසා දැමීමට තීරණය කර ඇත. ප්‍රකාශන හොරකම් කඩකිරීම(Violating Piracy Laws) සම්බන්ධයෙන් වෙබ් අඩවි හිමිකරුවන්ට මෙසේ නඩු පැවරී තිබෙනවා. මෙසේ පැවරූ නඩුවලට අනුව Megaupload වෙබ් අඩවියේ හිමිකරුවන්ට ඇ.ඩො.මි.500 ඉක්මවූ වන්දියක් ගෙවීමට ඇති බවයි පුවත් මඟින් දක්වන්නේ.

මේ පිළිබඳ උරණ වූ හැකර්කරුවන් කණ්ඩායමක් අධිකරණ සම්බන්ධ ඇමරිකානු FBI සහ දෙපාර්තමේන්තු වෙබ් අඩවි ගණනාවකටම ප්‍රහාරයක් නිකුත් කර තිබෙනවා. ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ කිම් ඩොට්කොම්(කිම් ස්මික්ට්ස්) හා මෙතියස් ඕට්මන් හා තවත් සේවකයන් දෙදෙනෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් වලදී අත්අඩංගුවට ගත් බවයි.

නමුත් මේ පිළිබඳ එය භාවිතා කරන්නන් නම් සිටින්නේ තරමක් තරහින් බවයි දැනගන්න ලැබෙන්නේ. ඔවුන් පවසන්නේ එසේ හොර පිටපත්(චිත්‍රපට, මෘදුකාංග....)  භාවිතා කිරීමේ කිසිම වරදක් නැති බවත්, මේ වෙබ් අඩවිය වැසුවත් එය ලබාගත් අය ළඟ තිබෙන බවත්, කෙසේ හෝ ඒවා නැවතත් අන්තර්ජාලයට එකතුවන බවත්ය.....

0 comments:

Post a Comment

 
Top