Rock Johnson සහ Mark Wahlberg දෙදෙනා රඟපාන මෙම චිත්‍රපටය මේ වන විට දැවැන්ත ආදායම් වාර්ථා සහිතව ලොව පුරා ජනප්‍රිය වෙමින් යනවා. ක්‍රියාදාම රැසක් සහිත මෙම චිත්‍රපටය අද ඔයාලට සිංහල උපසිරැසි සහිතව ලබාදෙනවා.

ඩැනියෙල් ලූගෝ ''Sun Gym'' හි පුහුණු උපදේශකයා වන අතර, එහි ආදායම සති 6ක් ඇතුළත 3 ගුණයකින් වැඩ කරන ලදී.

මෙසේ ටික දිනක් යනවිට ''වික්ටර් කර්ෂෝ" නම් කෙනෙක් එම මධ්‍යස්ථානයට එනවා. ඔහු ප්‍රකෝටිපතියෙක්. ඉතින්, ඩැනියෙල් සහ ඔහුගේ මිතුරා වන ඒඩ්‍රියන් වගේම, අලුතෙන් ජිම් එකේ පුහුණූකාර රැකියාවට එන ‍පෝල් යන තිදෙනා එකතුවී ඔහුව පැහැරගන්නවා.

පැහැරගෙන ඔහුගේ දේපල සියල්ල බලහත්කාරයෙන් තමන්ගේ නම්වලට ලියා ගන්නවා. ඉන් පසු තිදෙනා එකතුවී වික්ටර් කර්ෂෝ‍ව මරන්න තැත් කරනවා.

චිත්‍රපටය ඉතාම තාත්වික සහ ප්‍රේක්ෂකයගේ හිත කුතුහලයෙන් පුරවන දසුන් රැසක් අඩංගුයි. මේ වසරේ නිකුත්වූ ඉහළම ආදායම් වාර්ථා සහිත චිත්‍රපටි අතර මෙය ඉහළින්ම වැජඹෙනවා. හැමෝම දන්නා ''Micheal Bay'' විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නිපදවීම සඳහා US Dollar Million 26ක් වැයවී තිබෙන අතර Box Office ආදායම ඇ.ඩො.70,775,133ක් වනවා.

ඇතැම් දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසු බැවින් චිත්‍රපටය නැරඹීමේදී ඒ ගැනද සැලකිලිමත් වන්න. Zoom අඩවිය නැවත පටන් ගත්තට පස්සෙ දාපු හොඳ චිත්‍රපටියක් නිසා ඔයා‍ලගෙ අදහස් බලාපොරොත්තු වෙනවා. මාව සම්බන්ධ වෙන්න ඕන නම් pramod@zoom.lk ලිපිනයට ලිපියක් එවන්න.



12 Sep 2013

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top