Bharti Airtel in talks to sell its Lankan operations to Etisalat.

ලොව 4 ස්ථානයට වැඩිම පාරිභෝගිකයන් පිරිසක් සිටින භාරතී එයාටෙල් සමාගම අබු ඩාබි වල පිහිටි එටිසලාට් සමාගමට විකිණීමට යන බව ''එයාටෙල් ලංකා'' සමාගමේ නිළධාරීන් දෙදෙනෙකු ඉන්දියාවේ  එකොනොමික් ටයිම්ස් සඟරාවට අදහස් දක්වා තිබේ.

අදහස් දැක්වූ අයෙකු පවසන පරිදි, Standard Chartered බැංකුව ඔවුන්ට එය විකුණන ලෙස උපදෙස් දී තිබේ. භාරතී එයාටෙල් සමාගම සතුව පාරිභෝගිකයන් මිලියන 1.7ක් සිටියි. එහි වටිනාකම ඩොලර් මිලියන 110ත් 130ත් අතර වේ. 


එටිසලාට් සමාගම සතුව මෙරට පාරිභෝගිකයන් මිලියන 4.5ක් සිටින අතර ලංකාවේ තුන්වන වැඩිම පාරිභෝගිකයන් පිරිසක් සිටින ජංගම දුරකථන ජාලය වේ.

ගණුදෙනුව අවසන් වූ විට එටිසලාට් සමාගම, ලංකාවේ දෙවන වැඩිම පිරිසක් සහිත දුරකථන ජාලය වනු ඇත.

ඩයලොග් සමාගම සතුව මිලියන 8.2ක පිරිසකුත්, මොබිටෙල් සමාගම සතුව මිලියන 5ත් 6ත් අතර පිරිසකුත් සිටී. 
24 Aug 2013

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top