පෙර ලිපියකින් අප ඔබට SONY Xperia Yuga දුරකථනයක් ගැන ඉඟියක් දුන්නා. එය දැන් ස්ථීරවී තිබෙන බවයි ආරචිමාර්ග පවසන්නේ. ලබන මස නිකුත්කිරීමට Samsung සමාගම සැලසුම්කල ඔවුන්ගේ S4 දුරකථනයට යන එන මං නොමැතිවී යන බවයි විචාරකයන් පවසන්නේ. ලබන මස 15 වනදා ලාස් වෙගාස් වල පවත්වන්නට යෙදෙන CES 2013 ප්‍රදර්ශනයේදි මෙය නිකුත්කිරීමට බොහෝවිට ඉඩ ඇතැයි වෙබ් අඩවි පවසන්නේ.
1.5GHz Qualcomm Snapdragon S4 Pro APQ8064 ප්‍රොසෙසරයකින් සමන්විත Xperia Z දුරකථනය Adreno 320 GPU එකකින් සහ 2GB of RAM මතකයකින් සමන්විතයි. තිරය අඟල් 5ක් වන අතර අඟලකට පික්සල් 441කින් සමන්විතයි!
මෙගාපික්සල් 13ක කැමරාවක් සහ Micro SD කාඩ් ඇතුල්කල හැකි වීම විශේෂත්වයකි. Sony Xperia Z දුරකථනය LTE හෙවත් 4G සබඳතාවන්ට සහයෝගයක දක්වයි. එසේම Android 4.1.2 මෙහෙයුම් පද්ධතිය දුරකථනයට ස්ථාපනය කරම පැමිනේ.
මෙය නිකුත්කල විට මීළඟට පැමිණීමට නියමින Apple iPhone සහ Samsung Galaxy S4 දුරකථන බොහෝ ලේසියෙන්ම පරාද වන බව නිසැකය.
Related Posts
මීළඟට එන SAMSUNG අභියෝගකරු... SONY Xperia Yuga
19 Dec 20120සෝනි සමාගම මෙතෙක් නිකුත්කල දුරකථන සැම්සුන් වැනි සමාගම්වල දුරකථනයන්ට “ලොකු“ අභියෝගයක් වුනේ නෑ. ...Read more »
නෙස්ලේ සහ ඇන්ඩ්‍රොයිඩ් එකතුව Android 4.4!
12 Sep 20130ඇත්තටම මොකක්ද මේ Google සහ Nestlé එකමුතුව? 2013 වසරේ Mobile World Congress එකත් එක්ක...Read more »
Nokia සමාගමත් Android වලට අත ගසයි!
11 Dec 20130මයික්‍රොසොෆ්ට් සමාගම කොටස්කරුවෙකු වුවද, පින්ලන්ත සමාගමක් වන නොකියා මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් දුර...Read more »
ජනප්‍රිය Android Flashlight ඇප්ලිකේෂන් එකක් පරිශීලක තොරතුරු විකුණයි!
06 Dec 20130ලංකාවේත් බොහෝමයක් දෙනා භාවිතා කරන Brightest Flashlight මෘදුකාංගය මඟින් එය භාවිත කරන්නාගේ දුරක...Read more »
Android 4.4 KitKat අද සිට දුරකථනවලට
13 Nov 20130නෙක්සස් දුරකථන යනු ගූගල් සමාගම සෘජුවම සම්බන්ධවී නිර්මාණය කරන 'නිළ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන' මාදිලියයි. ...Read more »
Subscribe to:
Post Comments (Atom)
මම නම් හිතන්නේ නෑ යාළුවා Apple Samsung අදිපත්‍ය SONY ට කඩන්න පුළුවන් කියලා. සමහර දේවල් වල ජනප්‍රියතාව තීරණය වෙන්නේ performance මත නෙමයි.
ReplyDeleteSONY සමාගමේ රූපවාහිනී, කැමරා, ටීවී රෙකෝඩර්.... ආදිය නිපැයීමට පටන් ගත්තේ බොහෝ කලක සිටයි.
Deleteනමුත් SONY නමින් දුරකථන නිෂ්පාදනය ආරම්භ කලේ 2012 සිටයි. ඒත් සැම්සුන් සමාගම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිෂ්පාදනය 2009 ජුනි සිට කරගෙන ආවා.
සැම්සුන් යනු කොරියානු සමාගමකි. සෝනි ජපන් සමාගමකි.
මේ දෙක අතර ලොකු වෙනසක් තිබේ. ටීවී එකක් ගත්තත් සෝනි ටීවී එකක ගුණාත්මක බව සැම්සුන් ටීවී වල නෑ. විශේෂයෙන් Bravia Engine මඟින් රූපවල ඇතිකරන වෙනස....