ඇපල් සමාගමේ iOS 7 හි නවතම update එකෙන් පසු ස්මාට්ෆෝනයට ජලය නොයන බවට මේ දිනවල බොරු ප්‍රචාරයන් අන්තර්ජාල සමාජජාල වෙබ් අඩවිවලින් ප්‍රචාරය වනවා.
එයින් කියැවෙන ආකායට, අලුත් යාවත්කාලීනයෙන් පසු ඇපල් සමාගම "smart-switch" නැමැති අලුත් අංගය එක්කර ඇත. එවිට, ජලය හෝ වෙනත් ආගන්තුක ද්‍රව්‍ය දුරකථනයට ඇතුල්වන විටම දුරකථනයේ පරිපථ ආරක්ෂාකිරීම සඳහා එවෙලේම දුරකථනය නිවෙන(power off) අතර, යම්කිසිලෙසකට දුරකථනයට හානියක් වුවහොත් අලුත් දුරකථනයක් ඇපල් සමාගමෙන් ලබාදෙන බවටද එහි සඳහන්වී තිබෙනවා.
iOS 7 නිසා iPhone වතුර නොයන බවට ප්‍රචාරය
වූ බොරු දැන්වීමක්

Apple හි අලුත්ම ‍operating system එකට තම දුරකථනය update කරගෙන අත්හදාබැලීමට ගිය අයට වුනේ නම්, තමන්ගේ වටිනා දුරකථනය විනාශකරගැනීම විතරයි.

iOS නවතම මෙහෙයුම් පද්ධතිය නිකුත්කලේ පසුගිය සැප්තැම්බර් 18 වැනිදායි. නිකුත්වීමෙන් පැය 12ක් ගතවීමටත් ප්‍රථම මිලියන 100කට අධික පිරිසක් එය තම දුරකථනයට යොදාගත් බව ආරංචි වනවා. එමෙන්ම මෙය නිසා ජර්මන් සහ එක්සත් රාජධානියේ(German and UK) පරිඝනක සර්වර් වල ටැෆික් අගය දෙගුනක් වූ බවයි සඳහන් වන්නේ.
27 Sep 2013

2 comments:

  1. ඉතිං එයාලට අලුතු පෝන් ලැබිලද?

    ReplyDelete
    Replies
    1. නෑ. ඇත්තටම නෑ.
      මොකද මේ දැන්වීම ඇපල් සමාගම විසින් කරන ලද එකක් නොවේ. එම නිසා සිදුවූ කිසිදු දේකට ඇපල් සමාගම වගකියන්නෙ නෑ.

      Delete

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top