ගූගල් සමාගමේ ප්‍රධානියෙකු වන ''සුන්ධාර් පිචේ'' මෙසේ පැවසුවා.
''අපිට ඕන වුනේ ඊළඟ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අලුත් වෙනසක් ඇතිකරන්න. ලොකු වෙනසක්. ඉතින් අපි ඊළඟ ඇන්ඩ්‍රොයිඩ් Operating System එක කිට්කැට් ලෙස නම් කරා. මොකද කිට්කැට් කියන්නෙ ලොකු කුඩා වෙනසක් නැතිව අත්විඳින රසවත් කෑමක්. නොකාපු කෙනෙක් නැති තරම්. එලෙසම ඊළඟ මෙහෙයුම් පද්ධතියත් ගොඩක් රසවත් වේවි''
''මාව සමාගමෙන් අයින් කරන්න වුනත් පුලුවන් ඉස්සරහට. මොකද මම සම්ප්‍රදායෙන් බැහැරව ගත්තෙ ඉතාම ලොකු අවදානමක්. හැබැයි, කෙනෙක් නාන තටාකය වටේ දහ පාරක් කැරකුනත්, ඒකෙ වතුර රස්නෙද නැද්ද දන්නෙ නෑ. ඒක දැනගන්න නම් තටාකයට බහින්නම වෙනවා. ඉතින් මමත් කලේ ඒ වගේ දෙයක්.'' එලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වුවේ නෙස්ලේ සමාගමේ අලෙවි ප්‍රවර්ධන ප්‍රධානී පැට්‍රික් බුලා.
ඔබ දන්නවා සෑම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකටම අදාල අලංකාර ප්‍රතිමාවක් ගූගල් සමාගම ඉදිරියේ ප්‍රදර්ශනය කරන බව. මේ වන විට Google ප්‍රධාන මධ්‍යස්ථානය ඉදිරියේ කිට් කැට් ලාංඡනයට අදාලා ප්‍රතිමාව සිටවා තිබෙනවා.
ආරංචිමාර්ගවලට අනුව, මෙම මෙහෙයුම්පද්ධතිය පැරණි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලටත් සහයෝගය දක්වන ලෙස සකස්කරන බවයි දැනගන්න ලැබෙන්නේ. එය තහවුරු කරන පුවතක් ළඟදි අසන්නට ලැබුනා. ඒ ගූගල් සමාගම පැවසූ දෙයකින්. එනම් ''අපි මෙම පද්ධතිය හදන්නෙ හැම ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයෙක්ටම භාවිතා කරන්න පුලුවන් වෙන්න''.
අනුමාන කරන විදියට, මෙම පද්ධතිය 512 Ram මතකයක් සහිත දුරකථනවලටත් සරිලන්නයි හදන්නේ.
එමෙන්ම කිට් කැට් තුලින් Nexus ටැබ් දිනාගැනීමටත්, Google Play Credit දිනාගැනීමටත් සියලුදෙනාටම අවස්ථාව සලසන බවයි ආරංචි වන්නේ!
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.