ලෝකයේ දැවැන්තම ආයතනයක් සහ ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය(Search Engine) වන Google සිය 15වන උපන්දිනය අද දින සමරනවා. ඒවගේම, මෙතෙක් කල් ගූගල් සෙවුම් යන්ත්‍රයේ තිබූ ඇල්ගොරිදමය(Algorithm) අද දින සිට අලුත් කර තිබෙනවා. මෙම අලුත් ඇල්ගොරිදමයට ඔවුන් Hummingbird යන නමින් හැඳින්වෙනවා. මෙය සර්ච් එන්ජිම සමඟ පසුගිය මස සිටම අත්හදාබැලීම් කල බවටයි ගූගල් සමාගම ප්‍රකාශ කර සිටින්නේ.

මේ අලුත් ඇග්ලොරිදමයෙන් වෙබ් අඩවිවල traffic වල ලොකු ඝට්ඨනයක් ඇතිවනවා. ගූගල් හි උපසභාපති වරයෙක් වන අමිත් සිංහල්(Amit Singhal) පවසන්නේ, මෙය ගූගල් සෙවුම් වල(Google Search Results) 90%කට වඩා බලපාන බවයි. එනම්, සෙවුම් කරන්නාට වඩා සුදුසුම ප්‍රථිපල ලබාදීමට මෙයට හැකියාව තිබෙනවා.

ගූගල් සමාගම සෑම වසරකම සැප්තැම්බර් 27 වනදින සිය උපන්දිනය සැමරුවද, සමාගම නිළවශයෙන් පිහිටවූයේ සති කීපයකට පෙර, එනම් සැප්තැම්බර් 4 වනදාය. සමාගම පිහිටා තිබෙන්නේ කැල්ෆෝනියාවේය.(Mountain View, California)


27 Sep 2013

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top