මේ වන විට දුම්පානය, අකල් මරණ වලට ප්‍රධානතම හේතුවක් බව නොරහසක්. ඇමරිකාව තුළ පමණක් දුම්පානයේ නිරතවන්නන් මිලියන 44කට වඩා සිටින බව එහි Disease Control and Prevention (CDC) ආයතනය පවසනවා. එයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු එක් වතාවක් ‍හෝ electronic cigarettes හෙවත් දුම්පානයේ නවතම ස්වරූපය අත්හදා බලා තිබෙනවා.

සමීක්ෂණයකට අනුව, ඒවා භාවිතා කරන බොහෝ දෙනා නිවස තුළ කෙසේ වෙතත්, පාරේ හෝ වෙනත් එලිමහන් තැනක බොහෝ විට භාවිතා කරයි.  
ඒ, අනෙක් අයට තමන් දුම්වැටියක් උරන බව හැඟවීමටයි. ඔවුන් පවසන පරිදි, සාමාන්‍ය දුම්වැටි භාවිතයේදී මෙන් දුඟදක් මෙන්ම දත්වල තට්ටුවක් මෙන් බැඳීමක් සිදු නොවන නිසා ඔවුන් මෙයට කැමැත්තක් දක්වන බවයි. 


electronic cigarettes එහෙම නැත්නම් e-cigarette කලාව වෙනදා ජනප්‍රිය නොවූ දෙයක්. නමුත් දැන්, දුම්වැටි නිෂ්පාදනයේ දැවැන්ත සමාගමක් කීපයක් වන Lorillard, Reynolds American, Altria සහ British American Tobacco සමාගම් මෙම ඉ-සිගරට් නිපදවීමට අතගසා තිබෙනවා. 

වෛද්‍යවරුන් පවසන්නේ මෙය එක් අතකට හොඳ නැඹුරුවක් බවයි.  මොකද, මෙය සාමාන්‍ය සිගරට්ටුවක් මෙන් ශරීර සෞඛ්‍යට අහිතකර නොවන්නක් නිසා.
නමුත්, මේවා විකිණීමට නිර්මාණය කර ඇති ආකර්ෂණීය දැන්වීම් ආදිය නිසා, සිගරට් නොබොන අයත් මෙයට ඇබ්බැහි ‍වන්නට හැකියාවක් ඇති බවයි සමහරුන් පවසන්නේ.

- ටයිම් සඟරාවේ පලවූ ලිපියක් ඇසුරෙන්.


24 Sep 2013

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top