Bodybuilding වචනය ඇසූ සැනින් අපේ ඔලුවට එන්නේ Jay Cutler වගේ දැවැන්ත ශරීරයක් සහිත කායවර්ධකයන්. බොහෝ දෙනෙක් කායවර්ධන මධ්‍යස්ථාන(GYM) වලට යන්නේ 'හැමෝම යන නිසා' මිසක්, දැනුමක් ඇතිව නොවේ.
කායවර්ධනය යනු ඉතා පුළුල් පාරසයක විහිදුනු ක්‍රීඩාවක්. කෙනෙක් ඒ සඳහා යොමු වෙනවා නම් ඒ පිළිබඳව සුලු හෝ දැනුමක් සහිතව පටන් ගත යුතුය.
බොහෝ අය කායවර්ධන මධ්‍යස්ථාන වලට ගොස් මාසයකින් දෙකකින් තමන්ගේ ඇඟ දෙස බලා තමන්ටම පවසන්නේ ''මගේ ඇඟ තාම හැදිලා නෑ'' කියාය. ඒ වගේම ඔහුගේ යහලුවන් ඒ දෙස බලා පවසන්නේ ''අපෝ බං ජිම් එකට ගිහින් තාම ඇඟ ඇවිල්ලා නෑනේ'' කියාය.
බොහෝ දෙනෙක් Bodybuilding / Fitness වලදී වරද්දාගන්නා තැන එතනයි. එනම්, තමන්ගේ ඇඟ වෙනස් වී නොමැති බව තේරුනහොත් මානසිකව වැටී, ඒ ගමන සම්පූර්ණයෙන්ම නවත්වාගැනීමයි.
එම නිසා එවැනි අයට මේ ලිපි පෙල රුකුලක් වනු නිසැකයි. මේ ලිපි පෙලට, කායවර්ධනය සම්බන්ධ ප්‍රවීණ පුහුණුකරුවන්ගේ දැනුමද, විවිධ කරුණු ආදිය අන්තර්ජාලයෙන් උපුටා ගෙන මෙන්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික අත්දැකීම් ආදියද එක්කාසු කොට ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වනවා.
එමෙන්ම, ලංකාවේ fitness හා වැඩිපුරම සම්බන්ධ වන්නේ පිරිමි පාර්ශවය නිසා, ඒ ගැන වැඩි අවධානයක් සහිතවයි ඉදිරියට මෙම ලිපි පෙල සකසන්නේ.
එසේම, කායවර්ධනයට සම්බන්ධ වනවා නම්, එම පුද්ගලයා මනා හික්මීමකින් යුක්ත විය යුතුය. ඉවසීමද ඉතා හොඳින් තිබිය යුතුය. තවත් වැදගත් කාරණයක් වන්නේ, මත්ද්‍රව්‍ය හා මත්වතුර පානය කරන අයෙකු නම්, ඇඟ හදාගැනීම සිහිනයක් පමණක්ම වනු ඇත. එයට හේතුව අප ඉදිරි ලිපි වලින් විමසා බලමු.
මේ ලිපි පෙළ ගැන ඔබේ අදහස්, යෝජනා මෙන්ම ඔබට ගැටලු තිබේ නම් ඒවාද යොමුකල හැක.
ලිපියට අදහසක් එක්කිරීම මගින් හෝ pramod@zoom.lk ලිපිනයෙන් ඒ ගැන විමසන්න.
Related Posts
මාතර දිස්ත්‍රික් අයෝමය පුරුෂයා තරඟයේ සේයාරූ සහ ප්‍රථිපල
02 Jan 20140මාතර තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වන රොබට් රූපසිංහ අනුස්මරණ කායවර්ධන තරඟවාලිය 2013 දෙසැම්...Read more »
Workouts for Six Pack - 6 පැක් සඳහා ව්‍යායාම
01 Oct 20130මේ ලිපියෙන් අපි බලමු උදර පේශීන් වල තියෙන මේදය දහනය කරලා(බඩ අඩුකරලා) abs හදාගන්න කරන්න ඕන ව්‍යායාම. ...Read more »
බඩ අඩු කරලා Six Pack Abs හදමු
01 Oct 20130ඔන්න කියපු විදියටම හරියට මුළ ඉඳලා ඇඟ හදන ලිපි පෙලේ තුන්වැනි කොටසත් අරගෙන මම ආවා. වෙබ් අඩවියේ කටයුත...Read more »
වසරේ හොඳම කායවර්ධකයා තෝරාගැනේ - Mr.Olympia
29 Sep 20130මුලු ලෝකයක්ම දෙනෙත් අයා බලා සිටි ලෝක කායවර්ධන ශූරතාව හෙවත් Mr.Olympia කිරුළ මෙවර ඉතා තියුණු තරඟයකි...Read more »
Bodybuilding 1 කොටස - ''ඇඟ හැදිලා නෑ නේ?''
26 Sep 20131පෙර ලිපියෙන් ඇඟ හැදීමේ කලාව හෙවත් Fitness ගැන මූලික හැඳින්වීම කලා. ඉන් පසු කීප දෙනෙක් ඊ-මේල් මගින්...Read more »
Subscribe to:
Post Comments (Atom)
දාමු බලන්න...
ReplyDeleteමේ අපිත් බලං ඉන්නෝ...