යහනේදී පළමු මොහොතේ ඇගේ හඬ ඇසී, තව මොහොතකින් එය නොඇසී ගියොත් ඔබ කුමක් කරාවිද?
''වියාග්‍රා'' සහ වෙනත් ලිංගික උත්තේජකයන් භාවිතා කරන්නන් එය භාවිතා කල පසු ''කන් ඇසීම'' සුලු මොහොතකට නැතිවූ බවට වාර්ථා සිය ගණනක් ලෝකයේ රටවල් ගණනකින්ම වාර්ථා වනවා. ඇමරිකාවෙන් එවැනි වාර්ථා ගණනාවක් ලැබීමෙන් පසු දොස්තරවරු ඒ පිළිබඳව ජනතාව දැනුවත් කර තිබෙනවා.
Charing Cross, Stoke Mandeville සහ Royal Marsden හි විශේෂඥ වෛද්‍යවරුන්, දැන් මේ පිළීබඳව මහද්වීප තුනකින් තොරතුරු එක්රැස් කරමින් ඉන්නවා. ඇමරිකාව, ඊසානදිග ආසියාතික සහ ඕස්ට්‍රේලියාවේ මෙම ''ක්ෂණීක ලිංගික උත්තේජකයන්'' භාවිතා කරන්නන් එයට යොදාගනිමින් සිටිනවා.

ව්‍යාග්‍රා සහ එවැනි උත්තේජකයන් (Viagra, Cialis and Levitra) ගැනීමෙන් පසු සුලු වේලාවකින් එක කනක් හෝ කන් දෙකම ඇසීමේ ආබාධ ඇතිවූ බවට සාක්ෂි සහිතව දැනට පැමිණිලි 47ක් ලැබී තිබෙන බවයි The Telegraph පුවත්පත වාර්ථා කරන්නේ.  එවැනි තවත් වාර්ථා 223ක් ලැබුණද, ඒවායේ තොරතුරුවල අඩුපාඩු ඇති බවයි ඔවුන් පවසන්නේ.

වෛදවරුන් තවම මෙය කුමන හේතුවක් නිසා ඇතිවෙන්නක්ද යන්න සොයාගෙන නොමැති වුවද, මෙම පෙති වර්ගවල අඩංගු රසායනිකද්‍රව්‍ය සංයෝගවල ක්‍රියාකාරීත්‍වයන් ප්‍රතික්‍රියා කිරීමෙන් මෙය ඇතිවන බවට සැක පල කරනවා. අවුරුදු 57 ආසන්න වයස් සීමාවේ අයට බොහෝ සෙයින් සෑදි තිබුනද, අවුරුදු 37 පුද්ගලයන් දෙදෙනෙක්ද සිටින බවයි දැනගන්න ලැබෙන්නේ.
19 Sep 2013

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top