පසුගිය කොටසින් ඇපල් සමාගමේ මැප්ස් හි නවතම සංස්කරණය(latest version of Apple's iOS maps) හා ගූගල් මැප්ස්(Google Maps) සංසන්ධනය කලා. එයින් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතැයි විශ්වාස කරනවා. මේ ‍ලිපි පෙලේ දෙවැන්නයි....

ෆේස්බුක් අන්තර්ගතය
ඇපල් සමාගම ඇපල් අයිෆෝන් 5 වෙතට මෙය අලුතින් එකතු කලද ඇන්ඩ්‍රොයිඩ් අයිතිකරුවන් මේ ගැන එච්චර පුදුම වෙන එකක් නෑ. මොකද ඔවුන් මේක නිතර Android හි දකින්න ලැබෙන එකක් නිසා.
ඒත් වැඩේ හොඳයි. ලස්සනයි. කවුද අකමැති තමන්ගේ පොටෝ එක තමන්ට ඕන වෙලාවට ෆේස්බුක් එකට දාන්න ක්ෂණිකව පුලුවන්වීම ගැන?
ඒත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේදි ඔබ ස්ථාපනය කර ඇති ඕනම මෘදුකාංගයකින් ෆොටෝ හෝ ඕනම දෙයක් Share කරගත හැකියි.
එය Twitter, Dropbox, Bluetooth, Picaso, Skype වැනි සියගනනක් මෘදුකාංග වලට ෂෙයාර් කිරීම කරගත හැකිය.

ඇපල් සමාගම තව පියවරක් ඉදිරියෙන් සිටී. ඔවුන් ඔබේ ෆේස්බුක් යහලුවන් ඔබේ address book එකට sync කරගැනීමට පහසුකම් සලසාදෙනවා.
නමුත් ඇන්ඩ්‍රොයිඩ් හිදී ඔබට ඒ සඳහා තෙවන පාර්ෂවීය මෘදුකාංගයක් ස්ථාපනය කර ඒ මඟින් එම අවශ්‍යතාව ඉටුකරගත යුතුය.

ඇපල් ස්ටො(ර්) සහ ගූගල් ප්ලේ ස්ටො(ර්)


























ඇපල් සමාගම ඔවුන්ගේ සුපුරුදු ඇපල් ස්ටොර්(Apple store) තරමක් වෙනස්කර තිබෙනවා. පැරණි පෙනුම එතරම් ආකර්ණීය එකක් නොවේ. මෙය ඇත්තෙන්ම අවශ්‍යව තිබුනු වෙනසක්. එය සිදුකර තිබීම මම හිතන්නෙ ඇපල් පාරිභෝගිකයන් බොහොමයක් සතුටු වේවි.

අලුත් පෙනුම ඉතාම හොඳයි. නමුත් මෘදුකාංග ආදිය සොයාගැනීම ටිකක් අසීරුවී තිබෙන්නෙ එහි icon ආදිය ටිකක් විශාල කර තිබීම නිසා යයි හිතෙනවා. එම නිසා සමහර දේවල් තිරයෙන් එපිටත් තියෙනවා බලාගන්න පුලුවන් වේවි. මොකද ඒක තිරයේ ප්‍රමාණයට ගැලපෙන්නේ නෑ.

ගූගල් ප්ලේ(Google Play|) ඇපල් ස්ටොර් තරම් නොවුනත් බොහොම පිළිවෙලකට, තිරයේ ප්‍රමාණයට ගැලපෙන්න, ඉඩ ඇහිරෙන්නේ නැති වෙන්න සකස් කරලා තියෙනවා. ඒ වගේම ඇපල් ස්ටොර්ට වඩා විශේෂාංග තිබෙන බව කිව යුතුය.

DO NOT DISTURB විශේෂාංගය

ඇන්ඩ්‍රොයිඩ් හි නැති විශේෂාංගයක් ඔවුන් මෙයට එකතුකර තිබෙනවා. ඒ "ඩූ නොට් ඩිස්ටර්බ්" විශේෂාංගයයි.
මෙමඟින් ඔබට ඔබ ලබාදෙන කාල පරතරය තුල ඔබට ලැබෙන ඇමතුම් සයිලන්ට් වේ. එවිට ඔබට කරදරයක් නොමැතිව සිටිය හැකිය.
නමුත් ඔබට අවශ්‍ය පුද්ගලයන් සිටී නම් ඔවුන්ගෙන් කෝල්ස් ලැබීමට සැලැස්විය හැකියි.

මෙය ඇන්ඩ්‍රොයිඩ් හි Cyanogen Mod වැනි Custom rom තුලින් ලබාගැනීමට හැකිය. ඒ වගේම ගූගල් ප්ලේ තුල තෙවන පාර්ශවීය මෘදුකාංග මඟින්ද සිදුකරගත හැකිය.


ඔබ විශ්වාස කරත් නැතත් ඇපල් සමාගම පවසන පරිදි මෙම මෙහෙයුම්පද්ධතියේ වෙනස්කම් 200ක් සිදුකර තිබෙනවා. නමුත් සැලකිය යුතු කැපී පෙනෙන වෙනස්කම් නම්  ඔබට පෙනෙන්න නැතුව ඇති. සිදුකල වෙනස්කම් බොහෝමයක් අතිශයින්ම අත්‍යාවශ්‍යව සිටි ඒවා වීම හොඳ දෙයක්. නමුත් තවමත් Homescreen එක වසර 5කට පෙර තිබූ එකමයි.

 එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් හි මෙන් notification bar, widget ආදිය කිසිවක් නෑ. ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් 4.0 සිට පැමිණි NFC(Near field communication) තාක්ෂණය තවම ඇපල් අයිෆෝන් 5 වෙතට ලැබී නොමැතිවීම පාඩුවක්.

0 comments:

Post a Comment

 
Top