ඇපල් සමාගම ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන iOS 6 ඊයේ දින සිට බාගත කිරීම සඳහා පහසුකම් සලසා දුන්නා. මෙම ලිපියෙන් ඔවුන්ගේ iOS 6 මෙහෙයුම් පද්ධතිය හා ගූගල් ඇන්ඩ්‍රොයිඩ් 4.1 ජෙලි බීන් මෙහෙයුම්පද්ධතියේ විශේෂාංග සංසන්ධනය කිරීමට බලාපොරොත්තුවනවා.

ඇපල් මැප්ස් හා ගූගල් මැප්ස්
ඇපල් මැප්ස්                                        ගූගල් මැප්ස්
ඇපල් මැප්ස් අලුත් සංස්කරණය ගැන පැවසිය හැකි මුල්ම දේ වන්නේ එහි බොහෝ වැරදි තිබෙන බවයි. ඔබ ඒ පිළිබඳව මේ වනවිට අසා හෝ දැක තිබෙන්නට පුලුවන්. එහි ත්‍රිමාණ සිතියම, navigation ආදියේ එහි වැරදි තිබේ.

අලුත් දෙයක් වන්නේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අවුරුද්දක් පමණ කාලයක සිට ලබාදෙන turn by turn navigation පහසුකම මෙහිදී ඇතුල්කර තිබිමයි.

මෙහිදී මම ගූගල් මැප්හි බොහෝමයක් හොඳ ගුණාංග දකිනවා. එහි බැලූ බැල්මටම ආකර්ෂණීය පෙනුම නිසා පමනක් නෙවෙයි.
ඔබ අතරමං වී සිටියත් ඔබට නිවසට යන පාර සොයාගන්න මේ මඟින් හැකිවෙනවා. අඩුමතරමේ ඇපල් සමාගමේ මැප්ස් හට ලෝකප්‍රසිද්ධ ස්ථානවලට යන මාර්ගයද නිවැරදිව පෙන්වීමට හැකියාවක් නෑ.

ඇපල් සමාගම අලුත් මැප්ස් සංස්කරණය හට ගූගල් මැප්ස් වලට වඩා පෙර වැරදි තිබේයැයි කියූ ත්‍රිමාණ නගර සිතියම් ඇතුලත් කර තිබෙනවා. ඉහත රූපයේ තිබෙන්නේ එයයි. නමුත් පහත රූපය බලන්න. Google+ තුල අයෙක් එකතුකර තිබූ රූපයක්. ඇපල් මැප්ස් හි වැරදි කීපයක්ම එයින් පෙන්වා තිබෙනවා.
ඇපල් සමාගම ඔවුන්ගේ මෙම ‍දැවැන්ත වැරැද්ද ඉක්මනින්ම මෘදුකාංග යාවත්කාලීනයක් මඟින් සෑදිය යුතුය. කෙසේ නමුත් මැප්ස් අතින් ඉදිරියෙන් සිටින්නේ ගූගල් මැප්ස් බව අවිවාදයෙන්ම පිලිගත හැකිය

ඊළඟ කොටසින් තවත් විශේෂාංග කීපයක්ම ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ලිපි පෙල අවසානයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන දෙකක් හා ඇපල් අයිෆෝන් 5 සමඟ සංසන්ධනය කරන ලිපියක්ද ඔබට ලබාදීමට බලාපොරොත්තු වනවා. එයින් CPU, GPU, Browser ඇතුලු බොහෝ දෑ සංසන්ධනය කරනු ඇත

0 comments:

Post a Comment

 
Top