ඔයාලා දන්නව ඇති අලුත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල NFC තාක්ෂණය ගැන. දැන් ඔයාලාට NFC තාක්ෂණය නැතුව වුණත් ෆෝන් දෙකක් එකට තට්ටු කිරීමෙන් පින්තූර, ඇමතුම් විස්තර ආදිය හුවමාරු කරගැනීමට පුලුවන්. මෙය ඕනම ඇන්ඩ්‍රොයිඩ්/අයිෆෝන් එකක වැඩකරන තාක්ෂණයක්. නොමිලේ දෙන මෘදුකාංගයක් ස්ථාපනය කරගැනීමෙන් මෙය සිදුකරගන්න පුලුවන්.

මෘදුකාංගයේ නම බම්ප්(Bump). මෙය ගූගල් ප්ලේ ස්ටෝ'(Google Play Store) මඟින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ්(Android ) උපාංගය සඳහා ස්ථාපනය කරගන්න පුලුවන්.

එය ස්ථාපනය කරගත් ෆෝන් දෙකෙන් මෘදුකාංගය විවෘත කරගත යුතුය. දැන් ෆෝන් දෙක එකට තට්ටු කලවිට ෆෝන් දෙකම vibrate වීමට පටන්ගනී. දැන් ඔබගේ විස්තර අනෙකාගේ ෆෝන් එකේත්, එයාගෙ විස්තර ඔයාගෙ ෆෝන් එකෙත් පෙන්වයි. එය දුරකථනයේ ගබඩාවී තිබේ.

දැන් අවශ්‍ය පොටෝ ආදියද එසේම හුවමාරු කරගත හැකිය. ෆොටෝස් ටැබ් එකට පිවිස අවශ්‍ය පොටෝ තෝරාගෙන ‍අනෙක් ෆෝන් එක තට්ටු කිරීමෙන් එම තෝරාගත් ෆොටෝ අනෙකාගේ ෆෝන් එකටද යැවිය හැකිය.

කොහොමද මේක ‍වෙන්නෙ??
මෙය සිදුකරගැනීමට Bump application එක ඔබේ දුරකථනයේ Sensors කීපයක්ම යොදාගනී. එමෙන්ම GPS ද යොදාගනී. ඔබ ෆෝන් දෙක එකට තට්ටු කරන විට එම ඝට්ටනයට අදාල විස්තර ඔවුන්ගේ Cloud එක වෙත යවයි. එමෙන්ම අනෙකාගේ ඝට්ටනයට අදාල විස්තරද එම Cloud එකට යැවෙන අතර එමගින් ඝට්ටන දෙකට අදාල තොරතුරු සමානදැයි ඔවුන් විමසා බලයි. දැන් එම විස්තර සමානයි නම්, එමෙන්ම GPS මඟින්ද තවදුරටත් තහවුරු කරගෙන අනෙකාගෙ ෆෝන් එකට අදාල ෆොටෝ හෝ විස්තර යවයි.
මේ සඳහා මෙම මෘදුකාංගය ඔබේ ජංගම දුරකථන ජාලය හෝ වයිෆයි ජාලය යොදාගනී.

මේක දුරකථන වලට විතරද?
නෑ. ‍මොවුන් මෙය දියුණු කර ඇත. ඔබට ඔබේ දුරකථනයේ සිට ලැප්ටොප් පරිඝනකයටද ෆොටෝ ආදිය යැවීමට මෙය යොදාගනීමට දැන් පුලුවන. ඒ සඳහා ලැප්ටොප් පරිඝනකයෙන් https://bu.mp/ වෙත පිවි‍සෙන්න. දැන් ෆෝන් එකෙන් යැවීමට අවශ්‍ය පොටෝ තෝරා ෆෝන් එකෙන් ලැප්ටොප් එකේ ස්පේස්බාර්(Spacebar) එකට තට්ටුවක් දාන්න. එවිටම ඔබේ දුරකථනයේ තෝරාගත් රූප ලැප්ටොප් එකේ දිස්වෙනු ඇත!!!

මෙහදීද යොදාගන්නේ පෙර දුරකථනවල භාවිතාවන තාක්ෂණයට සමාන තාක්ෂණයකි. මේ සඳහාද ලැප්ටොප් එක තිබෙන ස්ථානය අවශ්‍ය වේ.

0 comments:

Post a Comment

 
Top