බොහෝ දෙනෙක් පුන පුනා බලාසිටි ඇපල් සමාගමේ iPhone පවුලේ අලුත්ම සාමාජිකයා; Apple iPhone 5 පසුගිය බදාදා නිකුත් වුනා. ඇපල් සමාගමේ ෆිල් ස්කිලර් පවසන පරිදි ඝනකම මිලිමීටර් 7.6ක්, බරින් ග්රෑම් 122ක් හා අඟල් 4ක විශාල තිරයකින්ද යුක්තයි.

සැප්තැම්බර් 21වනදා වෙළඳපලට නිකුත්කරන මෙය කැනේඩියානු වෙළඳපල වෙත $699කට ගිගාබයිට් 16, $799කට ගිගාබයිට් 32 හා ගිගාබයිට් 64 $899ක මුදලකටද නිකුත්කිරීමට සැලසුම්කර ඇත.
අයිෆෝන් මාදිලියේ වෙනත් දුරකථනයකට හිමි නොවන අඟල් 4ක තිරයකින් මෙන්ම මෙය මෙගාපික්සල් 8ක iSight කැමරාවකින් සමන්විතවේ.

එමෙන්ම අයිෆෝන් 5 දුරකථනය හඳුන්වන්නේ එතෙක් මෙතෙක් නිපදවූ සිහින් මෙන්ම බරින් අඩුම අයිෆෝනය ලෙසය.
මෙහි ඇති තිරය Retina Display බැවින් ඔබට අකුරු, රූප ආදිය ඉතා පැහැදිලිව දැක ගත හැක.

දුරකථනයේ පළල iPhone 4S තරම් වන බැවින් එක අතකින් දුරකථනය අල්ලාගෙන සිටිය හැකිය.
එමෙන්ම 4G හෙවත් LTE තාක්ෂණයෙන්ද මෙය සන්නද්ධයි. ළඟදීම ලංකාවේද බලාපොරොත්තු විය හැකි මෙය අධිවේගි අන්තර්ජාල භාවිතය සඳහා යොදාගත හැක.



ඇපල් සමා‍ගමේ නවතම චිපය, A6 මෙයට අන්තර්ගත කර ඇත. ඔවුන් පවසන පරිදි A5 චිපය මෙන් දෙගුණයක් වේගයෙන් හා හොඳ graphics මෙයින් පෙන්විය හැකිය. එමෙන්ම මෙම චිපය නිසා දුරකථනය භාවිතා කල හැකි බැටරි කාලයද වැඩිවී ඇත.


හැමෝම ආදරය කරන Siri! Apple iPhone 4S දුරකථනය සමඟ පැමිණි සිරි, ඇපල් අයිෆෝන් 5 හිදි තවත් වැඩිදියුනු කර, වැඩිදුර ඔබව තේරුම්ගත වන හැකිවන පරිදි මෙන්ම ඔබට වඩාත් සමීප වන අයුරින් නිපදවා ඇතුල්කර ඇත.

නමුත් සමහරු මෙය විවේචනය කරන්නේ මෙය ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මෙහෙයුම් පද්ධතියේ සුවිශේෂිතා මෙයටද ඇතුල්කර ඇති බවයි.

කෙසේ නමුත් මෙය වැඩි වෙනසක් නැති, Apple iPhone 4Sහි තවත් සංස්කරණයක් පමණක් ලෙස දියුණු කර ඇතැයිද ඇපල් පාරිභෝගිකයින් සමහරු පවසන්නේ.....

0 comments:

Post a Comment

 
Top