ඔබටත් wifi තිබේනම් ගෙදර, ෆෝන් එකේ තියෙන ෆයිල් කිසි කරදරයක් නැතුව පරිඝනකයෙන් ලබාගන්න පුලුවන් දැන්. මම මේක කියන්නෙ Android දුරකථනවල කරන විදිය. හරිම ලේසියි. පරිඝනකයේ මෘදුකාංග දාන්න ඕනෙත් නෑ.

මුලින්ම කරන්න ඕන Web Sharing Lite කියන මෘදුකාංගය Google Play එකෙන් ජංගම දුරකථනයේ ස්ථාපනය කරගන්න එක. මේ මෘදුකාංගය මෙගාබායිට් 2ක් විතර නිසා ඉක්මනින්ම බාගන්න පුලුවන්.

ඊට පස්සෙ තමන්ගෙ දුරකථනය අවශ්‍ය WiFi network එකකට සම්බන්ධ කරගන්න ඕන.

දැන් ඉහත මෘදුකාංගය දුරකථනයෙන් විවෘත කරගන්න.
එවිට වම්අත පැත්තේ ඇති ලෙස එය විවෘත වනු ඇත. එය ස්වංයංක්‍රීයව වයිෆයි ජාලයට සම්බන්ධ වී ඔබට IP address එකක් හා මුරපදයක් ලබාදෙනු ලබයි. දැන් එම අයිපී ලිපිනයට පරිඝනකයේ වෙබ් බ්‍රව්සර් එකෙන් පිවිසෙන්න. එහිදී අසන මුරපදයට දුරකථනයේ මෘදුකාංගය විසින් ලබාදුන් පාස්වර්ඩ් එක ලබාදී පිවිසෙන්න.

එපමණයි! එවිටම ඔබේ දුරකථනයේ ‍ෆයිල්ස් හෝ ෆෝල්ඩර්ස් සියල්ල බලාගත හැකිවනු ඇත. අවශ්‍ය නම් දුරකථනයට ෆයිල් ඇතුලත් කිරීමද, ඩිලීට් කිරීමද, පරිඝනකයට එයින් ෆයිල් ලබාගැනීම ඇතුලු තවත් වෙනස්කම් සිදුකරගැනීමට හැකිවනු ඇත.

ඒවගේම දුරකථනයේ බැටරි ප්‍රමාණය, CPU usage වැනි තවත් වැඩිදුර තොරතුරුද බලාගත හැකිවිම විශේෂියි.

බොහෝම පහසුවෙන් ඔබ වයිෆයි ජාලයක් මගින් තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සම්බන්ධ කරගන්නා හැටි දැනගන්න ඇතිනේ? ඉතින් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු!

0 comments:

Post a Comment

 
Top