ලොව පුරාම රසිකයන් කම්පනයට පත් කරමින්, ෆාස්ට් ඇන් ෆියුරියස් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ පෝල් වෝකර්(Paul Walker)  ඊයේ සවස කැල්ෆෝනියාවේ සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.

TMZ reported වාර්ථාවට අනුව ඊයේ(30 වැනිදා) පස්වරුවේ තම Porsche වර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී, වාහනය පාලනයෙන් තොරවී අසල තිබූ ගසක හැපී තිබෙනවා. එම ඝට්ටනයේදී ඇතිවූ තෙල් කාන්දුවක් මගින් වාහනය ගිනිගෙන පුපුරා ගොස් තිබෙනවා.

අනතුර සිදුවී ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවරින් පිට, ශාන්ත ක්ලැරීටා හිදීය.

මියයන විට පෝල් වෝකර්ගේ වයස අවුරුදු 40කි.
ඔහුගේ නිළ ට්විටර් ගිණුමද මෙම වාර්ථාව තහවුරු කර ඇත.


අනතුර සිදූවු ස්ථානය

0 comments:

Post a Comment

 
Top