ගූගල් ස්ට්‍රීට් විව් කිව්වම නොදන්න කෙනෙක් නෑ. ලෝකෙ බොහෝ තැන්, විශේෂයෙන් යුරෝපයේ පාරවල්, පොදු ස්ථාන, විවිධ සමාගම්වල ඇතුලත අපිට ගෙදර ඉඳන්ම නැරඹීමේ හැකියාව මෙමඟින් ලැබෙනවා. ඉතින් ලංකාවේ අපිටත් අපගේ මේ පුංචි ලංකාවේ ඕනෑම තැනක් පිටරට කෙනෙකුට මෙසේ ‘ගූගල් ස්ට්‍රීට් විව්‘ හරහා පෙන්වීමේ හැකියාව දැන් ලබාදී තිබෙනවා.

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හෝ DSLR කැමරාව මඟින් ඡායාරූපයට නඟනා Photo Spheres ඔබට මෙසේ ගූගල් Street View වෙතට එකතුකල හැක.
ඉන්පසු ඕනෑම කෙනෙකුට ඔබ ඡායාරූපයට නැඟු තැන ඔබේම ඇසින් බලාගැනීමේ හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව සියලු තොරතුරු ගූගල් වෙබ් පිටුවෙන් දැන ගත හැකියි.
ඒ සඳහා පිවිසෙන්න මෙතනින්  -  https://support.google.com/maps/answer/3481809?p=photosphere_connect&rd=1

0 comments:

Post a Comment

 
Top