ලංකාවේ ජනප්‍රියතම සිංහල උපසිරැසි වෙබ් අඩවිය වන Zoom.lk වෙතින් ලබාදෙන සිංහල උපසිරැසි දුරකථනයේ බලන්න මෙතෙ‍ක් හැකියාවක් තිබුනෙ නෑ. නමුත් ඒ සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා Movie Player එකක් තියෙනවා. මෙතෙක් කල් බොහෝ දෙනෙක් නොදැන සිටි ඒ ගැන, Zoom.lk වෙබ් අඩවියෙන් මේ වන විට ලබාදී තිබෙනවා. එයට ස්තුතිය, සූම් ෆෝරම් එකේ මරු හිරා වෙතට. ප්ලෙයර් ‍එකේ නම mVideoPlayer. මෙය නොමිලේ Google Play Store එකෙන් ලබාගන්න හැකියාව තියෙනවා.



එහි Full version එක(ඇ.ඩො.3.11) වන අතර මරු හිරා විසින්ම එය නොමිලේ ලබාගැනීමට upload කර තිබුනා.
එය ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එකෙන්...



Player එක ෆෝන් එකට දැම්මට පස්සේ පහල විදිහට ඒක පෙන්නනවා. මම ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ ඒ අයිකන් එක තමයි.



Player එකට ගියාම පහල විදිහට පෙන්නයි.



දකුණු පැත්තට ස්ලයිඩ් කරගෙන එන්න එතකොට Browse කියල තියනවා. එතනින් ෆිල්ම් එක ෆෝන් එකේ තියන තැන තෝරලා දෙන්න.



ඊට පස්සේ වීඩියෝ ෆයිල් එක ප්ලේ කරන්න



දැන් subtitle කියන තැන ක්ලික් කරලා idx ෆයිල් එක තියන තැනත් තෝරලා දෙන්න. idx ෆයිල් එකයි sub ෆයිල් එකයි ZOOM එකෙන් ගන්න ෆෝල්ඩර් එකේ තියන විදිහට එක තැනක තියෙද්දී idx එක මේකෙන් තෝරන්න.





ඔන්න හරියට වැඩේ කරා නම් පහත රූපයේ විදිහට පෙන්නයි.


0 comments:

Post a Comment

 
Top