ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් හින්දි චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ

අලුත් නළු නිළියන් රැසකගෙන් සමන්විත මෙම චිත්‍රපටය විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු වටා ගෙතෙනවා.‍ මෙහි අඩංගු ගීත රැසක් ලොවපුරා රසිකයන්ගෙ හද බැඳගැනීමටද හැකිවුනා. එමෙන්ම අලංකාර ආදර කථාවකින්ද සමන්විතවනවා.

කථාව ගෙතෙන්නේ රෝහන් සහ අභිමන්යු නම් යහලුවන් දෙදෙනෙක් වටා. ඒ වගේම ඒ දෙන්නා අතරට එන “ආදරය“ ෂනායා....රෝහන් සහ ෂනායා පෙම්වතුන් වෙලා වසර කීපයක් වෙනවා. ඒත් රෝහන් සෙල්ලක්කාරයෙක්. ඔහුගේ ක්‍රියාකලාපය නිසා ෂනායට මේ ගැන කලකිරෙනවා.ෂනායට පසුව තේරෙනවා රෝහන් තමන්ට ඇත්තටම ආදරය කරන්නෙ නෑ කියලා. ඒවගේම මේ අතරෙදි තමයි අභිමන්යු ෂනායට මුනගැහෙන්නෙ... නමුත් “අභී“ තමන්ගෙ හදවත කියනදේ පිටින් පෙන්වන්නෙ නෑ. එය හදවතේම හිරකරගෙන ඉන්නෙ.මෙහෙම යනකොට තමයි “වසරේ ශිෂ්‍යයා සම්මානය“ සඳහා වන කරඟය අරඹන්නේ. ඒකෙදි තමයි මේ සේරම දේවල්, ඒ කිව්වෙ ඉස්කෝලෙම කණපිට හැරෙන්න පටන් ගන්නෙ.යාලුකම්, මිතුරුකම් සියල්ල වෙනස්වෙනවා.ඒවගේම මෙහිදී මුලු ඉස්කෝලෙටම “එක දෙයක්“ නැතිවෙනවා.

ආදරය, යහලුකම, පවුල් පරිසරය, වසන් කරන ඇත්ත ජීවිත වගේ ගොඩක් හැඟීම්බර දේවල් මේ චිත්‍රපටයෙන් බලන්න පුලුවන්. ඇත්තටම මේකෙ දේවල් අපේ අයගේ ජීවිතවල කොටසක් පෙන්වනවා. බැලුවම ආපහු බලන්න හිතෙන චිත්‍රපටයක් වේවි කියල මම අනිවාර්යෙන්ම කියනවා.


0 comments:

Post a Comment

 
Top