ෆ්‍රෑන්කන්වීනී Animation චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ

මෙන්න ඔයාලට තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ගෙනාවා. ෆ්‍රෑන්කන්වීනී... ටිම් බර්ටන් විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටයට පාදක වුනේ ඔහු විසින්ම 1984දි නිපදවූ “ෆ්‍රෑන්කන්වීනී“ චිත්‍රපටයි. 

විද්‍යාඥයෙක් සහ චිත්‍රපටි තනන්නෙකු වන “වික්ටර්“ ජීවත් වෙන්නෙ නව ඕලන්තයේ එක් නගරයක ඔහුගේ දෙමාපියන් සමඟ. ඔහුට ඉන්න එකම යාලුවා “ස්පාකි“ කියන සුරතල් බල්ලා. තමන්ගෙ පුතා ගෙදරින් එලියට බහින්නෙවත් නැති නිසා ඔහුගෙ පියා වික්ටර්ව බේස්බෝල් තරඟයකට ගෙනියනවා. වික්ටර් එහිදී පළමු වටයෙන්ම ජයග්‍රහණය තම කණ්ඩායමට අත්පත් කරලා දෙනවා.ඒත් හරිම දුක හිතෙන සිදුවීමක් වෙනවා. වික්ටර් ගහන බෝලයක් අල්ලන්න වික්ටර්ගෙ බල්ලා, ස්පාකි, පස්සෙන් ගිහින් වාහනයකට යට වෙනවා... ඇත්තටම ඒ කොටස නම් හිතට වදින්න හදලා තියෙනවා.

ඒ අතරේ වික්ටර්ගෙ ඉස්කෝලෙ විද්‍යා ගුරුතුමා පෙන්වනවා විදුලි බලයෙන් සතෙක්ට පණ ගන්න පුලුවන් කියලා. ඒක නිසා වික්ටර් හිතනවා ඔහුගෙ බල්ලටත් පණ ගන්න පුලුවන් කියලා. ඔහු සාර්ථක වනවාද? නැත්නම් පර්යේෂණය වැරදිලා ලොකු විනාසයක් වෙයිද? සමහරවිට වික්ටර්ගෙ බල්ලාට පණ එන්න පුලුවන්. නමුත් ඌ “පිල්ලික්“ වෙලා ආවොත් එහෙම?

මේ චිත්‍රපටය ඔක්තෝබර් 5 වැනිදා ඉඳලා ඇමරිකාවේ තිරගත වුනා. වෝල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදනය කල මේ චිත්‍රපටය වෙනුවෙන් ඇම.ඩො.මි. 39ක් වියදම් කරලා තියෙනවා. මේ චිත්‍රපටය තිරගතවූ පළමු සතියේම ඇ.ඩො. මිලියන 11.5ක ආදායමක් ලබමින් බොක්ස් ඔෆීස් වාර්තා පවා තබන්නට හැකිවී තිබෙනවා. දෙසැම්බර් 9 වනදා වන විට $66,168,37ක ආදායමක් ලබන්නට හැකිවීම මඟින් ඔබට චිත්‍රපටය ගැන අදහසක් ගන්න පුලුවන් වේවි.දැනට මෙම චිත්‍රපටය සම්මාන 8කට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මේ චිත්‍රපටියේ තව වෙනසක් තියනවා මුළු චිත්‍රපටියම කළුසුදු ආකාරයට තමයි නිපදවලා තියෙන්නේ.හැබැයි එහෙම කියලා ඔයා මේ කතාව නොබලා ඉන්න තිරණය කලොත් ඔබ වටින චිත්‍රපටියක් මගහැරගත්තා වගේ වේවි.

0 comments:

Post a Comment

 
Top