හොං කොං හි පිහිටි දැවැන්තම ක්ෂණික ආහාර සපයන ආයතන තුනක් වන මැක්ඩොනල්ඩ්ස්, කේඑෆ්සී සහ පීසා හට් හිදී භාවිතාවන මස් වර්ග ''හලාල්'' කරන මෙන් මුස්ලිම් ආගමික නායකයෙකු විසින් කරන ලද ඉල්ලීමක් එම ආයතන තුන විසින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙසේ ඉල්ලීමක් කර තිබෙන්නේ Mufti Muhammad Arshad නම් ආගමික නායකයෙකුය. ඔහු විසින් පෙර කී ආයතන තුනටම ලියුමක් මඟින් ඉල්ලීමක් කිරීමෙන් පසු එම ආයතන තුනෙන්ම තමන්ට පිළිතුරු ලැබුනු බවත්, එයින් ඔවුන් සඳහන් කර තිබෙන්නේ හලාල් ආහාර තම පාරිභෝගිකයන්ට සැපයීමට තමන්ගේ කිසිසේත්ම අදහසක් නොමැති බවයි.

හොං කොං හි මේ වන විට 250,000 ආසන්න මුස්ලිම් ජනගහනයක් ඇති අතර එයින් අඩක්ම පෙරදී චීන ජාතිකයන්ය.

අර්ෂඩ් පවසන අන්දමට මේ වන විට හොංකොං හි ආහාර සපයන ආයතන 50ක් හලාල් ආහාර සපයයි. එමෙන්ම ඔවුන් සපයන මස් වර්ග අර්ෂඩ් ඇතුලු පිරිස පරික්ෂා කර බලයි. එම මැරුණු සතා නියමාකාරයෙන් ''හලාල්'' කර ඇත්දැයි ඔවුන් පිරික්සයි.
''අපි මේ ගෙනෙන මස් වර්ග දෙපාරක්ම පරික්ෂා කරනවා. ඒ වගේම ඒ සතා අල්ලාහ් දෙවියන්ට නියමාකාරයෙන් කැප කර ඇත්දැයිද සොයා බලනවා. අපි ඒවාට හලාල් සහතිකයක් දුන් පසුයි ඒවා වෙළඳපලට සපයන්නේ. '' ඔහු හොං කොං පෝස්ට් වෙතට පවසා තිබෙනවා.

0 comments:

Post a Comment

 
Top