ලංකාවේත් බොහෝමයක් දෙනා භාවිතා කරන Brightest Flashlight මෘදුකාංගය මඟින් එය භාවිත කරන්නාගේ දුරකථනයේ තොරතුරු රහසිගතව තුන්වැනි පාර්ශවයන්ට විකුණා තිබෙන බව ඇමරිකානු FTC සහ CIA සංවිධාන හෙලිකර සිටිනවා.

එම මෘදුකාංගය මුදල් උපයා තිබෙන්නේ දැන්වීම්කරණයෙන් පමණක් නොව, සුවිශේෂි ස්ථානගත තොරතුරු, දුරකථනයේ ඇතැම් විස්තර පවා තුන්වැනි දැන්වීම්කරුවන්ට උපරිම ලංසුවකට විකුණා ඇත. හාස්‍යට කරුණ වන්නේ ඉහත කී මෘදුකාංගය මිලියන 100කට වඩා වැඩි දෙනෙක් පමණ භාවිතා කරන්නක් වීමත්, එය Google Play හි ලකුණු 5න් 4.8ක් වැනි උපරිම අගයක් ගැනීමත්ය. 

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයන්ට මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීමේදී පළමු පියවර වන්නේ මෘදුකාංගයට අවශ්‍ය සැකසුම් පෙන්වීමයි. නමුත් මෙම මෘදුකාංගය භාවිතා කරන්නන් කිසිවෙකුත් තමන් සිටිනා තැන මෙන්ම තවත් සේවා කීපයක් ෆ්ලෑෂ්ලයිට් එකක අවශ්‍ය මන්දැයි විමසා නොමැත. 

එමෙන්ම මේ වන විටත් මෙම මෘදුකාංගය ගූගල් ප්ලේ තුළින් ඉවත්කර නොමැත.

ඔබත් මෘදුකාංග ස්ථාපනයේදී පළමුව පෙන්වන මෘදුකාංග permissions ගැන අද ඉඳන්වත් සැලකිලිමත් වුවොත් හොඳයි.
06 Dec 2013

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top