නෙක්සස් දුරකථන යනු ගූගල් සමාගම සෘජුවම සම්බන්ධවී නිර්මාණය කරන 'නිළ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන' මාදිලියයි. වසරකට එකක් නිකුත් කරන මේ දුරකථන ලොව පුරාම ඉතාම ජනප්‍රිය වන්නට ප්‍රධාන හේතුව වන්නේ මේ දුරකථන එකකට එකක් වෙනස්වීම පමණක් නොවේ. ගූගල් සමාගම නිකුත් කරන සෑම අලුත් මෙහෙයුම් පද්ධතියක්ම පළමුව භාවිතා කිරීමට ලැබෙන්නේ නෙක්සස් දුරකථන හිමියන්ට වීමය.
දැනට නෙක්සස් දුරකථන සහ ටැබ් ගණනාවක්ම ඇත. අලුතෙන්ම නිකුත්වූ නෙක්සස් දුරකථනය වන නෙක්සස් 5 පැමිණෙන්නේ Android KitKat 4.4 OS එක සහිතවය.

එමෙන්ම අද දින සිට නෙක්සස් 10, නෙක්සස් 7(2013 සහ 2012 මාදිලි දෙකටම) නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම්පද්ධතියේ 'රස' විඳගැනීමට ලැබෙනු ඇත. නෙක්සස් 4 දුරකථනයටද ළඟදීම මෙය විඳගැනීමට ලැබෙන බව අද උදෑසන නිළ ඇන්ඩ්‍රොයිඩ් පේජයෙන් මෙසේ දැනුම්දී තිබුනි.





13 Nov 2013

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top