2012 පෙබරවාරි 26 පැවැත්වූ Mobile World Congress හිදී හුවාවේ සමාගම, සම්පූර්ණයෙන්ම ඔවුගේ සමාගමේ නිපදවූ, පරීක්ෂණ මඟින් තහවුරු කරන ලද ලොව වේගවත්ම දුරකථනය ලෙස Ascend D Quad හඳුන්වාදෙනු ලැබුවා. අඟල් 4.5ක ස්පර්ෂ සංවේදී තිරයකින් හෙබි මෙය ඇන්ඩ්‍රොයිඩ් 4.0(අයිස්ක්‍රීම් සැන්ඩ්විච්) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වේ.

බාසිලෝනාහිදී පැවැත්වූ ලෝක ජංගම දුරකථන කොංග්‍රසයේ හුවාවේ සමාගමේ පෙදෙස
(Ascend D Quad දුරකථනය ඔවුන්හඳුන්වන කඟවේණා සහිත පිළිරුව)
හුවාවේ සමාගමට අනුව මෙය දැනට ලොව තිබෙන වේගවත්ම ජංගම දුරකථනයයි. එම සමාගමේම නිපදන ලද K3V2 quad core ප්‍රොසෙසරයක් අඩංගුය. එහි වේගය උපරිය 1.5Ghz තරම් වේ. 16-core GPU එකකින් සමන්විත වීමද සුවිශේෂිය. එයද සමාගමේම නිපදවන ලද්දකි.




මෙගාපික්සල් 8ක එච්.ඩී.; ඔටෝෆෝකස්; දිවිත්ව එල්.ඊ.ඩී. ෆ්ලෑෂරයක් පසුපස කැමරාවද, වීඩියෝ කෝල් සඳහා මෙගාපික්සල් 1.3ක කැමරාවක්ද සහිතය. රැම් මතකය ගිගාබයිට් 1කි. රොම් එක ගිගාබයිට් 8ක් තිබේ.

අතට පහසුවෙන් නිපදවා ඇති මෙය ග්රෑම් 130ක් පමණක් බර වන අතර ඝනකම මිලි මීටර් 8.9ක් වේ. 
Dolby 5.1 Surround Sound and Audience earSmart voice technology. සහ Full HD 1080p video recording පහසුකම් වලින් මෙය අංගසම්පූර්ණ දුරකථනයක් වේ.

ඒ අතර 3G ජාලය තුළ (HSDPA 21Mbps, HSUPA 5.76 Mbps) වේගයක් පවතී. හුවාවේ සමාගමටම අයිති බලශක්ති කළමණාකරණ පද්ධතියද මෙයට ඇතුලත් කර ඇති හෙයින් කථා කාලය දින 2ක් දක්වා කල හැකිය. 

යූරෝ 440ත් 550ත් අතර මුදලකට මේ දුරකථනය ඔබට ඉදිරියේදී මිළදීගැනීමට හැකිවනු ඇත. නමුත් මෙය ඔවුන් ප්‍රකාශයට පත්කල මිළක් නොවන අතර සමීක්ෂකයන් පවසන මිළ ගණනකි. කෙසේ නමුත් හුවාවේ සමාගම පවසන්නේ ඔවුන්ගේ තරඟකාරීන්ගේ මිළට වඩා 20%-50% අතර මුදලක් අඩුවෙන් තමා මෙය වෙළඳපළට නිකුත්කරන බවයි. පහත දැක්වෙන්නේ මෙහි තරඟකරුවන් සමඟ සැසඳූ නිළ නොවන Benchmark test කීපයකි.

Nenamark2 - 3D OpenGL ES 2.0 (Test results in fps)


1 comments:

  1. informative article
    need to add a few places
    people can see more information
    IOS development
    thanks admin posted

    ReplyDelete

 
Top